Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2024 12:41:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක 2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා ඒකකයන්හී සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 05 දින 2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා ඒකකයන්හී නිල සංචාරයක නිරතවිය.

2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායන්හී අණදෙන නිලධාරීන්, භටපිරිස් සමඟ එක්ව සංචාරයේ නිරත නියෝජ්‍ය සේනාවිධායකතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටු අභියසදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

එම ඒකකයන්හී සම්මන්ත්‍රණ ශාලාවන්හිදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී එම ඒකකයන්හී සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව පැහැදිළි කරනු ලැබීය. එමෙන්ම, ඒකකයන්හී ප්‍රගතිය වෙනුවෙන් සාමූහික කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය. තවද, ඒකකයන්හී ප්‍රමිතීන් උසස් මට්ටමින් පවත්වාගැනීම සඳහා දක්වන කැපවීම සහ පක්‍ෂපාතීත්වය වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් සියළුම භටපිරිස් වෙත සිය ස්තුතිය පුදකරන ලදී.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී එම කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ රෝපණය කර විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.