Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2024 13:22:08 Hours

10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්

561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ මලන්දෙණිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් විශ්වමඩු ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2024 අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි දී පලිනගර් මහා විද්‍යාලයේ සහ කනගරායන්කුලම් පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරන ලදී.

මත්ද්‍රව්‍යයන්හි අහිතකර බලපෑම්, භයානක මත්ද්‍රව්‍ය වර්ග, පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට බලපාන සාධක, නීති විරෝධී ද්‍රව්‍ය සහ ඒවායේ බලපෑම් සහ ප්‍රතිවිපාක පිළිබඳව අවධානය යොමු කරමින්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශිකා ඒ. විමලා මහත්මිය විසින් මෙම දැනුවත් කිරීමේ දේශනය පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා 10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්, සිසුන් සහ ගුරුවරුන් 950 කට අධික පිරිසක් සහභාගී වූහ.