Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2024 12:43:34 Hours

59 සහ 64 පාබල සේනාංකයන්හී මුලිකත්වයෙන් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ 59 සහ 64 පාබල සේනාංකයන් වෙතින් 2024 අප්‍රේල් මස 07 දින මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි ‘ඩයමන්ඩ්’ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝණ් මැතිතුමන් සහභාගී විය. මෙම අලුත් අවුරුදු උත්සවය පිරිමි සහ කාන්තා පාපැදි ධාවන තරඟ, මැරතන් ධාවනය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, ග්‍රීස් ගසේ නැඟීම, කඹ ඇදීම සහ කොට්ටපොර ඇතුළු සම්ප්‍රදායික අලුත් අවුරුදු ජන ක්‍රීඩාවන් රැසකගෙන් සමන්විත විය. උත්සවය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ අනෙකුත් විශේෂ ආරාධිතයින්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය.

එදින සන්ධ්‍යාවේ ‘Karuna with Sarigama’ සංගීත කණ්ඩායම ප්‍රමුඛ තවත් ගායන ශිල්පීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සංගීත සන්දර්ශනයක් ද පැවැත්විණි. 64 සහ 59 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත පැවති මෙම උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.