Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2024 12:00:59 Hours

6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 08 දින ‘පීටර් වීරසේකර’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 35 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ සුරතින් එම ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.