2024-08-13 14:09:49
වැල්ලවාය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඊ.එම්.හේමන්ත කුමාර මහතාගේ අනුග්රහක දායකත්වය මත 5 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකළ අතර, එම නිවස කෙටි උත්සවයකින් ප්‍රතිලාභියා වෙත 2024 අගෝස්තු මස 04 දින පවරා දෙන ලදී.
2024-08-13 14:08:10
දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේ"යුද සාහිත්‍යය " පිළිබඳ දේශණයක් 2024 අගෝස්තු මස 10 දින පවත් වන ලදී. මෙම දේශණයට කෙඩෙට් නිලධාරීන්, විද්‍යාපීඨයේ සියළු උපදේශකයන්, කාර්ය මණ්ඩලය, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් සහහාගි වූහ.
2024-08-12 13:49:21
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු මස 09 දින ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් වෙත දේශනයක් පවත්වන ලදී. ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් පැවැත් වූ මෙම දේශනයයේදී “The New World Order’s Influence on Military Conflicts and Its Implications for International Security” පිලිබඳව අවධානය යොමු කරන ලදී.
2024-08-12 13:47:29
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ
2024-08-12 13:46:35
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ගල්කඩවල ආනන්ද විහාරයේ දහම් පාසලේ දී ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ලිපි ද්‍රව්‍ය 2024 අගෝස්තු මස 11 දින සපයන ලදී.
2024-08-12 13:45:24
පුනරීන් ශාන්ත මරියා දේවස්ථානයේ පූජා වැඩකටයුතු සඳහා සහයවන පිරිමි ළමුන් සඳහා පූජා සහයක නව ඇදුම් කට්ටල හයක් බෙදා දීමේ වැඩසටහනක් 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී සම්බන්ධීකරණයෙන් 22 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධීක්ෂණය යටතේ 2024 අගෝස්තු මස 11 දින පවත්වන ලදී
2024-08-11 20:57:24
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2024 බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස10 දින අවසන් විය.
2024-08-11 20:56:24
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 අගෝස්තු මස 6 සහ 7 දිනවල 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-08-11 20:56:12
ගජබා ප්රවීණයන්ගේ සංගමය එක්ව ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ''Gajaba Unity Festival – 2024' සහ වෙළඳ ප්‍රදර්ශනය 2024 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 01 දක්වා මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එපිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා ගජබා ප්රවීණයන්ගේ සංගමයේ සභාපති මේජර් ජෙනරල් උදය පෙරේරා (විශ්‍රාමික), ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ගජබා ප්රවීණයන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
2024-08-11 20:55:59
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් රජවැව තල්ගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයෙකු සදහා නව නිවසක් 2024 අගෝස්තු මස 7 දින සාදා නිමකර දෙන ලදී.