Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2024 14:09:49 Hours

5 ගැමුණු හේවා බළකායේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

වැල්ලවාය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඊ.එම්.හේමන්ත කුමාර මහතාගේ අනුග්‍රහක දායකත්වය මත 5 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකළ අතර, එම නිවස කෙටි උත්සවයකින් ප්‍රතිලාභියා වෙත 2024 අගෝස්තු මස 04 දින පවරා දෙන ලදී.

5 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිගේ අධික්ෂණය යටතේ එම බලකායේ භට පිරිස්වල තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදිකිරීම සිදුකරනු ලැබීය.

අනතුරුව, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව නිවසේ යතුරු ප්‍රතිලාභියා වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.