11th August 2024 20:56:24 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 අගෝස්තු මස 6 සහ 7 දිනවල 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
පබල සේනාංකය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව, අඥාපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටී මෙන් පසුව කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළේය. එතුමන් විසින් භට පිරිස් ඇමතීමෙන් පසුව සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී විය.
මෙම සංචාරයට සමඟාමීව ආඥාපතිතුමන් වැඩසිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව, 121,122 පාබල බලසේනාවල සහ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේද සංචාරයක නිරත විය.