11th August 2024 20:56:12 Hours
ගජබා ප්‍රවීණයන්ගේ සංගමය එක්ව ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ''Gajaba Unity Festival – 2024' සහ වෙළඳ ප්‍රදර්ශනය 2024 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 01 දක්වා මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එපිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති මේජර් ජෙනරල් උදය පෙරේරා (විශ්‍රාමික), ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ප්‍රදර්ශන කුටි, විනෝද ක්‍රීඩා, යුද්ධ හමුදා සංදර්ශන, ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගීවන සංගීත සංදර්ශන වලින් සමන්විත මෙම වෙළඳ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම ගජබා ප්‍රවීණයන් සවිබල ගැන්වීමට, ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට සහය වීමට සහ ක්‍රියාන්විතයේදී ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වලට ආධාර කිරීමට යොදවනු ලබයි.