Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2024 13:47:29 Hours

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ 32 වන ගුණාණුස්මරණය එතුමන්ගේ පිළිරුව අභියසදී

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ 32 වැනි ගුණාණුස්මරණය අනුරාධපුර එතුමන්ගේ පිළිරුව අභියසදී 2024 අගෝස්තු මස 08 දින පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකායේ බළකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්ප්‍රප්තියත් සමඟින් ගුණානුස්මරණ උත්සවය ආරම්භ විය.

ගුණානුස්මරණ උත්සවය බෞද්ධ ආගමික වතාවත් පැවැත්විමෙන් අනතුරුව ආරම්භ විය. මෙම ගුණාණුස්මරණය වැඩසටහනට අවදිව සිට මුර කරන සෙබළුන් මළවුන් සිහිකිරිම වෙනුවෙන් අවරඅවි සිටීම , මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම, අතීත මතකයන් සිහිකිරීම, පුෂ්පෝපහර දැක්වීම සහ බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් වාදනයන් ඇතුලත් විය. මෙම අවස්ථාවටෙ ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්ද එක්වූහ.