2018-12-11 10:12:49
51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (07) දින සහ සෙනසුරාදා (08) දින වඩුක්කොඩෙයි රෝහලේ දී සහ කරෙයිනගර් සුබ්‍රමුනියම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා ජංගම අක්ෂි සායන දෙකක් සංවිධානය කළහ. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් හට සහයෝගය දැක්වීමේ අරමුණින් 51 වන...
2018-12-11 10:09:45
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ලෙදර් පන්දු තරඟාවලිය නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 6 දින දක්වා බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018-12-11 10:09:29
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 75 දෙනෙකු සඳහා පැවැත්වූ විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලා අංක - IX සිකුරාදා (06) දින කල්‍යාණිපුර බලඇණි පුහුණු පාසලේ දී සාර්ථකව අවසන් විය.
2018-12-11 10:05:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැවත නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව ආරම්භ කරයි. දශක දෙකකට ආසන්න කාලයකට පසුව සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා තරුණ නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් දියතලාවේ දී නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව (OPEC) පවත්වනු ලැබීය.
2018-12-10 10:10:01
මූලතිව් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ රැස්වීම්, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සඳහා දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව ශ්‍රවණාගාරය එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඉදිකර 2018 දෙසැම්බර් මස 6 වන දින විවෘත කරනු ලැබීය. 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට...
2018-12-09 09:22:21
නොපසුබට උත්සාහයෙන් 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ පස්වන දිනය වන සිකුරාදා (07) දින අඹන්පොළ ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර සවස 5.00 ට පමණ සාලියපුර පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථානය අභියස දී එම දිනයේ ගමන් අවසන් කල අතර වීරෝධාර රණවිරු කෝප්රල් ගැමුණු කරුණාරත්න...
2018-12-09 08:25:36
ශ්‍රී ලංකා අත්පන්දු ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වූ ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (08) දින සාර්ථකව නිමාවට පත්වූ අතර තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. තරඟාවලියේ අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති...
2018-12-08 20:32:56
3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක් නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින අනුරාධපුර පිහිටි සිය මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබු අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 117 ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය...
2018-12-08 20:32:56
නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (06) දින 231 වන සහ 233 වන බලසේනා මූලස්ථානයේ සිදුකල සංචාරයක් අතරතුර මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය බලධාරීන් සහ සියලුම ආගමික පූජකවරුන් හමුවිය. සියලුම ආගම් කෙරෙහි ඉහළම ගෞරවයක් දක්වමින් නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපතිතුමන්...
2018-12-07 23:15:29
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් විශ්‍රාමික මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහකත්වය ඇතිව මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙබියාව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ ඇතුලත් තෑගි පාර්සල් තොගයක් සිකුරාදා (30) දින මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ....