Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2018 10:12:49 Hours

අක්‍ෂි සායන සඳහා 513 වන බලසේනාවේ භට පිරිස්හි සහය

51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (07) දින සහ සෙනසුරාදා (08) දින වඩුක්කොඩෙයි රෝහලේ දී සහ කරෙයිනගර් සුබ්‍රමුනියම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායන දෙකක් සංවිධානය කළහ.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් හට සහයෝගය දැක්වීමේ අරමුණින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ අධීක්‍ෂණය යටතේ මෙම ජංගම අක්‍ෂි සායන සංවිධානය කරන ලදි.

මෙම අක්‍ෂි සායන සඳහා කොළඹ රොටරි සාමජය (Colombo Rotary Club) විසින් අනුග්‍රහය දැක්වු අතර සායනය සඳහා ඔස්ට්‍රේලියාවේ ග්ලෝබල් හෑන්ඩ් මිල් පොයින්ට් රොටරි සමාජයේ (Australia’s Global Hand Mil Point Rotary Club) අක්‍ෂි විශේෂඥයින් 12 ක් සහ වෛද්‍ය සිසුන් 3 දෙනෙකු සහභාගි වූහ.

මෙම අක්‍ෂි සායන සඳහා අදාළ ප්‍රදේශ දෙකෙහි දී සිවිල් වැසියන් 1180 කට අධික පිරිසක් ප්‍රතිකාර සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත්හ. Nike footwear | Sneakers