11th December 2018 10:05:13 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැවත නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව ආරම්භ කරයි. දශක දෙකකට ආසන්න කාලයකට පසුව සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා තරුණ නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් දියතලාවේ දී නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව (OPEC) පවත්වනු ලැබීය.
වර්තමානයේ දී රට පුරා විහිදි ඇති ආරක්‍ෂක සේනා මූලස්ථාන, බලසේනා සහ පුහුණු පාසල් වෙතින් විවිධ විශීෂ්ඨත්ව පාඨමාලාවන් පවත්වනු ලබන අතර මෙම පාඨමාලාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් ගේ අධීක්‍ෂණය යටතේ යුගයේ අවශ්‍යතාවය මත තවදුරටත් පුළුල් කරමින් තරුණ නිලධාරීන් සඳහා පවත්වනු ලබයි.
බොහෝ යුද්ධ හමුදා නිලධාරීන්ගේ දෙවන උපන් නගරය ලෙස සැලකෙන දියතලාව නගරයේ දී යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ප්‍රථම නිලධාරී විශීෂ්ඨතා පුහුණු පාඨමාලාව (OPEC) 2018 දෙසැම්බර් මස 3 දින සිට 8 දින දක්වා පැවැත්වු අතර, මෙම පාඨමාලාව දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේ දී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව විවිධ ක්‍ෂේත්‍රයන්හි විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදෙමින් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සහ බලකායන් නියෝජනය කරමින් පාඨමාලාවට සහභාගි වූ දෙවන ලුතිනන්වරුන්, ලුතිනන්වරුන් සහ කපිතන්වරුන් 28 දෙනෙකු සඳහා නුවරඑළිය ග්රෑන්ඩ් හෝටලයේ දී සංකේතාත්මක රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.best shoes | シューズ