11th December 2018 10:09:45 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ලෙදර් පන්දු තරඟාවලිය නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 6 දින දක්වා බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
මෙම තරඟාවලිය ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබු අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වූහ. තරඟාවලියේ අවසන් තරඟය සඳහා 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම තේරිපත්විය.
මෙම තරඟාවලියේ ශූරතාවය 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම විසින් හිමිකරගත් අතර ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි වූහ.
තරඟාවලියේ වීරයා සහ හොඳම පිතිකරු ලෙස සාමාන්‍ය සෙබල සී.එම්.එස්. කුමාර ( 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව), හොඳම පන්දු යවන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් එස්.එස්.සී. ජයරත්න (5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව), අවසන් තරඟයේ වීරයා ලෙස කපිතන් කේ.ඒ.ඩි.ටි.කොතලාවල (5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව) තේරීපත්විය.Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ