Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2018 09:22:21 Hours

රෝදපුටු ශූරයාට සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් හරසර

නොපසුබට උත්සාහයෙන් 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ පස්වන දිනය වන සිකුරාදා (07) දින අඹන්පොළ ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර සවස 5.00 ට පමණ සාලියපුර පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථානය අභියස දී එම දිනයේ ගමන් අවසන් කල අතර වීරෝධාර රණවිරු කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් විසින් විරෝධාර රණවිරු කෝප්‍රල් කරුණාරත්න උණුසුම් අයුරින් පිළිගත්හ. කෝප්‍රල් කරුණාරත්න පස්වන දිනයේ දී අඹන්පොළ සිට සාලියපුර දක්වා කිලෝමීටර් 62 ක එදින ගමන නිමාකරමින් සිය රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණියහ.

කෝප්‍රල් කරුණාරත්න සාලියපුර පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථානය වෙත ළඟාවීමට පෙර තලාව හන්දියේදී ද උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝදපුටුවෙන් ගමන් කිරීමේ මෙම අභියෝගාත්මක ගමන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආශීර්වාද මධ්‍යයේ ඉකුත් සඳුදා (03) දින දෙවුන්දර තුඩුවේ දී ආරම්භ කෙරිණි. Running sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify