Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2018 10:09:29 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලා අංක - IX කල්‍යාණිපුර බලඇණි පුහුණු පාසලේ දී සාර්ථකව අවසන්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 75 දෙනෙකු සඳහා පැවැත්වූ විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලා අංක - IX සිකුරාදා (06) දින කල්‍යාණිපුර බලඇණි පුහුණු පාසලේ දී සාර්ථකව අවසන් විය.

විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලා අංක - IX ඔක්තෝම්බර් මස 17 දින කල්‍යාණපුර බලඇණි පුහුණු පාසලේ දී ආරම්භ විය.

මෙම සංස්කරණ පාඨමාලාවේ අරමුණ වූයේ සුදුසුකම් ලත් තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින්ට විශේෂ පාබල ක්‍රියාන්විත පිළිබඳ දැනුම අලුත් කිරීමයි.

පාඨමාලාවේ සමාප්ති උත්සවය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්. කුලතුංග ආරාධිතයින් ලෙස සහභාගි වූ අතර අවසන් දේශනය පැවැත්වීමෙන් අනතුරුව ජයග්‍රහකයින් වෙත සහතිකපත් පිරිනමනු ලැබීය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සඳහා 621, 623 සහ 641 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 21 ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුව, 11 වන ගැමුණු හේවා බලඇණිය, 19 වන ගැමුණු හේවා බලඇණිය, 24 වන ගජබා රෙජිමේන්තුව, 7 වන විජයබාහු පාබල රෙජමේන්තුව, 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sport media | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4