2018-12-13 18:36:38
වංචාවල පිහිටි පනාගමුව අමරසිංහ විද්‍යාලය වටා ආරක්ෂිත වැටක් 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන සහ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් දෙසැම්බර් මස 6 සහ 7 දෙදින තුල ඉදිකරනු ලැබීය. 16 වන ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මීටර 500 ක පමණ දිගින් යුතු ආරක්ෂිත වැටක් පාසල් භූමිය වටා ඉදිකරන ලදී.
2018-12-13 18:25:59
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථිත්‍රස්ත කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 23 යටතේ පුහුණුව හදාරන ශිෂ්‍ය නිලධාරීන් දෙසැම්බර් මස 9 දින සිට 11 දින දක්වා මූලතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවිය. දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු උපදේශකවරුන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම මූලතිව්....
2018-12-13 18:21:14
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (12) දින දියතලාව Torch Cinema ශාලාවේ දී පවත්වනු ලැබීය.
2018-12-13 18:16:08
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිය ධූරයේ රාජකාරි භාරගැනීමේන් අනතුරුව සිදුකරනු ලබන පළමු නිල සංචාරය 12 වන සේනාංකයේ සහ එම සේනාංක බලප්‍රදේශයේ දෙසැම්බර් මස 11 සහ 12 දෙදින තුල සිදුකරනු ලැබීය.
2018-12-12 10:32:03
නොපසුබට උත්සහයකින් යුතු 6 වන ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරු කෝප්රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කරමින් දින අටක අති දුෂ්කර අභියෝගාත්මක ගමන අඟහරුවාදා (11) දින පේදුරුතුඩුවෙන් සාර්ථකව....
2018-12-12 08:05:34
ටීවී දෙරණ මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරනු ලබන සහනාධාර සැපයීමේ බහුකාර්ය ප්රජාසත්කාරක වැඩසටහනක් වන ‘මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහන කණ්ඩාවලෛ’ සෙනසුරාදා (08) දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි උලවනුර් තම්පිරාස විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
2018-12-11 15:06:50
බටහිර ආක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 32 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC) විසින් පවත්වනු ලැබු කැමරාකරණ, අලෝකකරණය සහ සංස්කරණය පිළිබඳ දින 10 ක පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 26 දින සිට දෙසැම්බර් මස 7 දින දක්වා පවත්වනු ලැබීය.
2018-12-11 13:06:50
දියතලාව, සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලා අංක - 20 යටතේ මාස 8 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳුදා (10) දින පැවැත්විණි. බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින....
2018-12-11 11:18:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පූනරීන් ප්‍රදේශයේ ස්ථානගත 66 වන සේනාංක මූලස්ථානයේ සිය 9 වන සංවත්සරය සඳුදා (10) දින එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.
2018-12-11 10:18:46
පලාලි යුද්ධ හමුදා ජනපදය තුල අක්කර 10 ක භූමි ප්‍රමාණයක කොස් පැළ 500 ක් රෝපණය කර අර්ධද්වීපයේ ‘කොස් උයනක්’ ස්ථාපනය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය 306 බී2 සිංහ සමාජය සහ ‘හඳබිම’ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව, මෙම උද්‍යානයේ පැළ ලබාගැනිම සඳහා සඳුදා (03) දින....