11th December 2018 10:18:46 Hours
පලාලි යුද්ධ හමුදා ජනපදය තුල අක්කර 10 ක භූමි ප්‍රමාණයක කොස් පැළ 500 ක් රෝපණය කර අර්ධද්වීපයේ ‘කොස් උයනක්’ ස්ථාපනය කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය 306 බී2 සිංහ සමාජය සහ ‘හඳබිම’ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
ඒ අනුව, මෙම උද්‍යානයේ පැළ ලබාගැනිම සඳහා සඳුදා (03) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් අජිත් ඇල්විට 306 බී2 දිස්ත්‍රික් සිංහ සමාජයේ සිංහ ආචාර්ය එම්. රාමජියාම් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
තවද මෙම අවස්ථාව සඳහා සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති ගුඩ්රෙන් ඉන්ග්වොඩොටියර් (Mrs. Gudrun Yngvadottir) මහත්මිය ද සහභාගි විය.Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK