Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2018 11:18:46 Hours

66 වන සේනාංකය සිය 9 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පූනරීන් ප්‍රදේශයේ ස්ථානගත 66 වන සේනාංක මූලස්ථානයේ සිය 9 වන සංවත්සරය සඳුදා (10) දින එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.

ඒ අනුව, සංවත්සරය සැමරීම වස් 66 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් උත්සව මාලාවක් සංවිධානය කරන ලදි.

සංවත්සර උත්සවයට සමගාමීව, 66 වන සේනාංක මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ විවිධ අංශ නියෝජනය කරමින් ක්‍රිකට් තරඟාවලියක් සෙනසුරාදා (08) දින පවත්වන ලදී.

අනතුරුව, ඉරිදා (09) දිනට යෙදුණු සංවත්සර දිනයේ පූනරීන් විහාරස්ථාන පරිශ්‍රයේ දී සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශීර්වාද එක් කරමින් සහ තම මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් ද කරමින් බෝධි පූජාවක් පවත්වනු ලැබීය.

එමෙන්ම, සංවත්සර දිනයේ දී සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එම සේනාංකයේ භට පිරිස් විසින් පිරිනමනු ලැබීය. අනතුරුව සංවත්සර දිනය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරනු ලැබු සියලු නිල තේපැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට ද සේනාංකාධිපතිතුමන් සහභාගි වූහ.

සංවත්සර වැඩසටහන නිමාවට පත් කරමින් සන්ධ්‍යාවේ විනෝදාස්වාදය සඳහා සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. Sport media | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth