Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2018 18:21:14 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වා ගැනීම පිළිබඳ මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (12) දින දියතලාව Torch Cinema ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේ දේශන ලුතිතන් කර්නල් සරත් ආරියරත්න, පී.ඩි. අසංග මල්ලිකාරච්චි මහතා, ආර්.එම්.ඒ. නිමල්සිරි රණසිංහ මහතා, ආර්. සුනිල් ගුණරත්න මහතා සහ ලුතිනන් ප්‍රසාද් පේදුරුආරච්චි යන නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සහ මනෝවිද්‍යා මෙහෙයුම් අංශයේ වෛද්‍යවරුන් විසින් පවත්වනු ලැබු අතර යුද්ධ හමුදා නිලධාරින් 17 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 ක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.Nike air jordan Sneakers | Air Jordan Release Dates 2020