Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2018 18:36:38 Hours

58 වන සේනාංකයේ භට පිරිස් පාසලේ ආරක්‍ෂිත වැට ඉදිකරයි

වංචාවල පිහිටි පනාගමුව අමරසිංහ විද්‍යාලය වටා ආරක්‍ෂිත වැටක් 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන සහ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් දෙසැම්බර් මස 6 සහ 7 දෙදින තුල ඉදිකරනු ලැබීය.

16 වන ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මීටර 500 ක පමණ දිගින් යුතු ආරක්‍ෂිත වැටක් පාසල් භූමිය වටා ඉදිකරන ලදී.

එමෙන්ම, 3 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් අකුරැස්ස. යාකබැද්ද ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද රණවිරු වැඩිහිටි සුරක්‍ෂා මැදුර අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කළහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත දියත් කරනු ලැබීය.bridge media | jordan Release Dates