Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2018 18:25:59 Hours

ප්‍රථිත්‍රස්ත කැලෑබද සටන් පුහුණු පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථිත්‍රස්ත කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 23 යටතේ පුහුණුව හදාරන ශිෂ්‍ය නිලධාරීන් දෙසැම්බර් මස 9 දින සිට 11 දින දක්වා මූලතිව් ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරතවිය.

දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු උපදේශකවරුන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් මත 591 වන බලසේනාවේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, 59 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මෙම ශිෂ්‍ය නිලධාරීන් කණ්ඩායම 592 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 59 වන සේනාංකයේ කාර්යභාර්ය පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

පසුව, 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් විසින් වඩ්ඩුආකල් ප්‍රදේශයේ සිදුකරනු ලබන බිම්බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් විය.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර එම ශිෂ්‍ය නිලධාරීන් හමුවූ අවස්ථාවේ ක්‍ෂේත්‍රයේ යථාර්ථය පිළිබඳ පැහැදිලි කළහ.buy shoes | NIKE HOMME