2024-08-26 19:30:35
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙරට අතර හමුදාවන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු-ලංකා යුද්ධ හමුදා අතර පැවැත්වූ 'මිත්‍ර ශක්ති' ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දිය භට පිරිස් 2024 අගෝස්තු 25 මස දින දිවයිනෙන් පිටත්ව ගියහ.
2024-08-26 14:12:17
2024 අගෝස්තු 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 14 වන බළකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී වෙත සමුදීමට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී උත්සවයක් පවත්වන ලදී.
2024-08-26 14:11:27
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ බලඇණි ආධාරක අවි පාඨමාලාව අංක - 100 අදියර (2024 -II) සෙසුනිලයන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී 2024 මැයි මස 07 දින ආර...
2024-08-26 14:10:07
4 වන CISM Military World Cadet ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 19 දින සිට 24 දක්වා වෙනිසියුලාවේ කැරකාස් හිදී පැවති අතර, එම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරිනී ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනී සහභාගී වූ අතර, එහිදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූවාය.
2024-08-26 14:04:56
241 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භට නිවාසය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් 2024 අගෝස්තු මස 22 දින විවෘත කරන ලදී.
2024-08-26 14:02:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් 2024 අගෝස්තු මස 22 දින කුඹුක්කන ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-08-25 14:31:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එම මූලස්ථානයේ"Rendezvous" හි නව ක්‍රීඩා මණ්ඩපය සඳහා සුබ මොහොතින් 2024 අගෝස්තු මස 19 දින මුල්ගල තබන ලදී
2024-08-25 14:31:06
212 පාබල බලසේනාවේ 13 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 15 දින සමරනු ලැබීය.
2024-08-25 14:30:50
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන්ගේ සංකල්පයකට අනුව 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සේරුවිල නෙළුම්ගම ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉඳිකර දෙන ලදී.
2024-08-25 14:30:35
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී 2024 අගෝස්තු මස 21 දින දේශනයක් පවත්වන ලදී.