25th August 2024 14:31:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එම මූලස්ථානයේ"Rendezvous" හි නව ක්‍රීඩා මණ්ඩපය සඳහා සුබ මොහොතින් 2024 අගෝස්තු මස 19 දින මුල්ගල තබන ලදී
ක්‍රිකට් ක්‍රීඩාවට උචිත පරිදි ක්‍රීඩා පිටිය වැඩි වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සහ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සේනාවිධායකතුමන් විසින් පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
නව ක්‍රීඩා මණ්ඩපය තට්ටු දෙකකින් සමන්විත වන අතර ආසන 200 ක ධාරිතාවයකින් සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අමතර පහසුකම් සෑදීමට නියමිතව ඇත.
මෙම ඉදිකිරීම 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 4,10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වය ඇතිව සිදු කෙරේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී විසින් ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.
මෙම උත්සවයට ස්වේච්ඡා බළසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.