Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2024 14:30:50 Hours

9 විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක්

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන්ගේ සංකල්පයකට අනුව 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සේරුවිල නෙළුම්ගම ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉඳිකර දෙන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්.පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ උදායි ශකූර් පදනම හා වෛද්‍ය පූජා ශකූර් මහත්මිය ඇතුළු එම පවුලේ මුල්‍යමය ධන පරිත්‍යාගයෙන් ඉඳිකරන ලද එම නිවස 2024 අගෝස්තු මස 21 දින අදාල ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පවුලේ ඥාතීන් සහභාගි වූහ.