Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2024 14:31:06 Hours

212 පාබල බලසේනාවේ 13 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

212 පාබල බලසේනාවේ 13 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 15 දින සමරනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි එම බලසේනාවේ බලසේනාධිපති තුමන් වෙත භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, සංවත්සර දිනයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව, 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම දිනයේ වැදගත්කමක් එක්කරමින් එම බලසේනා පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. එතුමන් භට පිරිස් ඇමතීමෙන් පසුව සමූහ ඡායාරූපයට පෙනී සිටීමට පෙර බලසේනාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

සංවත්සර උත්සවයට සමගාමීව, නිළධාරීන් සහ සෙසු නිලයන් විසින් බලසේනාව අසල පිහිටි වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නාවා පිරිසිදු කර ඔවුන්ට ප්‍රණීත දිවා ආහාර වේලක් පිරිනමා ඉන් අනතුරුව, සංගීත වැඩසටහනක් පැවැත්විණි. එදින සියලුදෙනාගේ සහභාගිත්වයෙන් ‘බෝධි පූජා’ පිංකමක්ද පවත්වන ලදී.

අනතුරුව, සන්ධ්‍යාවේදී සංගීත සංදර්ශනයකින් සංවත්සර දිනයේ නියමිත වැඩකටයුතු අවසන් විය.

මෙම සංවත්සර උත්සවය සඳහා 212 පාබල බලසේනාවේ නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ