Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2024 14:11:27 Hours

බලඇණි ආධාරක අවි පාඨමාලාව අංක - 100 මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව අවසන්

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ බලඇණි ආධාරක අවි පාඨමාලාව අංක - 100 අදියර (2024 -II) සෙසුනිලයන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී 2024 මැයි මස 07 දින ආරම්භ කර 2024 අගෝස්තු මස 22 දින සාර්ථකව අවසන් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, උපදේශකවරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

පාඨමාලා කාලය තුළ ඔවුන්ගේ සුවිශේෂී කාර්ය සාධනය සඳහා පහත සඳහන් සෙසු නිලයන් විශේෂ ඇගයීමට ලක් විය.

පළමු ස්ථානය - කෝප්‍රල් බී.එම්.පී. එදිරිවීර - විජයබාහු පාබල රෙජිමේන්තුව

දෙවන ස්ථානය - කෝප්‍රල් ඩබ්ලිව්. එම්. එස්. විජේසිංහ - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු

තෙවන ස්ථානය - කෝප්‍රල් එන්.පී.කේ.වී.එස් නාරංගොඩ - කමාන්ඩෝ රෙජිමේන්තුව