26th August 2024 14:12:17 Hours
2024 අගෝස්තු 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 14 වන බළකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී වෙත සමුදීමට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී උත්සවයක් පවත්වන ලදී.
ධුරයෙන් නික්ම යන බළකාධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරය හා සම්මාන මුරයේ ගෞරවාචාර පිරිනමන ලදී. බළකාධිපතිතුමන් නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට ද සහභාගී වූයේය.
වැඩසටහන අවසානයේ නිලධාරි නිවස්නයේ දී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වූ අතර, එහිදී නික්ම යන බළකාධිපතිතුමන් සිය වෘත්තීය ජීවිතය පුරාවට සන්නාහ සන්නද්ධ බළකායෙන් තමන්ට ලද සහයෝගයට සිය බලවත්
කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාවට සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවෙන් නික්මයන සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.