2019-01-12 16:44:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් හා මහනුවර ක්‍රීඩා සමාජ රගර් ක්‍රීඩකයින් අතර සෙනසුරාදා (12) දින නිට්ටවෙල ක්‍රීඩාංගණයේ පැවැති තියුණු තරඟයකින් මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් පරාජයට පත්විය. මෙම තරඟය අවසන් වනවිට ලකුණු පුවරුව යුද්ධ හමුදා කණ්ඩායම (23) ක් සහ මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම (22) ක් ලෙස සටහන් විය.
2019-01-10 21:38:13
ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමණාකරන අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ලද දැවැන්ත ගංවතුර සහනාධාර ව්‍යාපෘතියක් පසුගිය සඳුදා (7) දින කිලිනොච්චි ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැති අතර එහිදි රුපියල් මිලියන...
2019-01-10 15:45:21
අම්පාර සටන් පුහුණු පාසලේ 38 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එන්.ආර්. ලමාහේවගේ බ්‍රහස්පතින්දා (10) දින එම පුහුණු පාසල් මූලස්ථානයේ පැවැති උත්සවයකදී නව ධූරයේ රාජකාරී අරඹන ලදී.සටන් පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සටන් පුහුණු පාසලේ...
2019-01-10 15:30:21
අම්පාර සටන් පුහුණු පාසලෙහි අඩු වියදමකින් ඉදිකරනු ලැබු නව ශ්‍රවණාගාරය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී. ඒ. ධර්මසිරි කහපොළ විසින් බ්‍රහස්පතින්දා (8) දින විවෘත කරනු ලැබීය. රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් වැයකොට සටන් පුහුණු පාසලෙහි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගනීමින් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.
2019-01-10 14:30:21
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබු ක්‍රීකට් සහ වොලිබොල් තරඟාවලියේ අවසන් තරඟ බදාදා (09) දින පැවැත්විණි. 65 වන සේනාංකයේ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.
2019-01-10 12:30:21
සංහිඳියාව සහ සහජීවනය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මඩකලපුව ප්‍රදේශයේ විවිධ ආගමික පූජකවරුන් ප්‍රජා කමිටු නායකයින් සහ බුද්ධිමතුන් පිරිසක් සහ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අතර හමුවක් මෑතකදී සිදුවිණි. මඩකළපුව සිවිල් සමාජ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබු එස්. මාමංග රාජා මහතා....
2019-01-10 12:05:38
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් සඳුදා (07) දින තවත් පාසල් කිහිපයක සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
2019-01-10 12:04:34
යාපනය, සිත්තන්කේනී ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකල පාර්ක් ජෝන්හෝ ජාත්‍යන්තර පෙර පාසල (Park Joonho International Kindergarten's) වෙත නව වර්ෂය වෙනුවෙන් ළමුන් ඇතුලත් කිරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (10) දින පැවැති උත්සවයකදී සිදු කෙරිණි.
2019-01-10 12:04:20
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 37 දෙනෙකු බ්‍රහස්පතින්දා (10) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති ධර්ම දේශනාවකට සහ භාවනා වැඩසටහනක් සඳහා සහභාගි වූහ.මෙම වැඩසටහන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ...
2019-01-10 12:03:38
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ‘සාමය සහ ආදරය’ පදනමේ අනුග්‍රහය ඇතිව නව පාසල්වාරය වෙනුවෙන් වාකරෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා රුපියල් 3000 ක් වටිනාකමින් යුතු නව පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ කට්ටල 150 ක් සඳුදා (7) දින වාකරෙයි කදිරවේලි විග්නේෂ්වර විද්‍යාලයේ දී...