Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 12:03:38 Hours

යුද්ධ හමුදාව සිසුන් 150 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදෙයි

23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ‘සාමය සහ ආදරය’ පදනමේ අනුග්‍රහය ඇතිව නව පාසල්වාරය වෙනුවෙන් වාකරෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා රුපියල් 3000 ක් වටිනාකමින් යුතු නව පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ කට්ටල 150 ක් සඳුදා (7) දින වාකරෙයි කදිරවේලි විග්නේෂ්වර විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.

‘සාමය සහ ආදරය’ පදනමේ සභාපති ලක්‍ෂ්මන් මහනාම මහතා සමඟින් 233 බලසේනාවේ නිලධාරීන් එක්ව සිදුකල මෙම පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා ග්‍රාමීය සංවර්ධන කමිටුවේ සාමාජිකයින් පරිත්‍යාගකරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වුහ. Running Sneakers Store | Nike