Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 15:45:21 Hours

සටන් පුහුණු පාසලේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ 38 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එන්.ආර්. ලමාහේවගේ බ්‍රහස්පතින්දා (10) දින එම පුහුණු පාසල් මූලස්ථානයේ පැවැති උත්සවයකදී නව ධූරයේ රාජකාරී අරඹන ලදී.

සටන් පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සටන් පුහුණු පාසලේ භට පිරිස් විසින් ගෞරවාන්විතව පිරීනැමූ අතර නව සේනාවිධායක තුමන් සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව, සටන් පුහුණු පාසලේ භට පිරිස් ද අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.යූ.එන්. සේරසිංහ ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. Sports brands | Men’s shoes