Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 15:30:21 Hours

අම්පාර සටන් පුහුණු පාසලෙහි අඩු වියදමකින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කෙරේ

අම්පාර සටන් පුහුණු පාසලෙහි අඩු වියදමකින් ඉදිකරනු ලැබු නව ශ්‍රවණාගාරය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී. ඒ. ධර්මසිරි කහපොළ විසින් බ්‍රහස්පතින්දා (8) දින විවෘත කරනු ලැබීය.

රුපියල් ලක්‍ෂ 5 ක පමණ මුදලක් වැයකොට සටන් පුහුණු පාසලෙහි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගනීමින් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.

ශ්‍රවණාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සටන් පුහුණු පාසලෙහි සේනාවිධායක විසින් එම පුහුණු පාසලෙහි සියළු යුද්ධ හමදා සාමාජිකයින් අමතා වෘත්තීය ප්‍රගමනයෙහි ඇති වැදගත්කම පිළිබඳව කෙටි දේශණයක් පවත්වනු ලැබීය. අනතුරුව, සියළුම නිලයින් සඳහා පැවති තේපැන් සංග්‍රහයෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

සටන් පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.යූ.එන්. සේරසිංහ, පුහුණු උපදේශකයින්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා එක්වූහ. Running sports | Air Jordan 1 Mid - Collection - Sb-roscoff