10th January 2019 12:04:34 Hours
යාපනය, සිත්තන්කේනී ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකල පාර්ක් ජෝන්හෝ ජාත්‍යන්තර පෙර පාසල (Park Joonho International Kindergarten's) වෙත නව වර්ෂය වෙනුවෙන් ළමුන් ඇතුලත් කිරීම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (10) දින පැවැති උත්සවයකදී සිදු කෙරිණි.
යුෂිඩා පදනමේ පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ ගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව නව පෙර පාසල යාපනය භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මස ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය. නව වසර සඳහා ළමුන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙර පාසලට ඇතුලත් කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා දෙමාපියන්, සුභ පතන්නන් සහ සිසුන් රැසක් සහභාගී වූහ. Asics footwear | Air Jordan Release Dates 2020