2019-05-13 16:54:02
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා පසුගියදා ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි වසර 30 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2019-05-13 15:52:53
රටේ උද්ගතව තිබු තත්ත්වය දෙවන වටයේ ප්‍රහාරයක් ඇති නොවන පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් මෙම ප්රහාරයන් හට අයිඑස් සංවිධානය සම්බන්ධකම් තිබෙන බව විමර්ශණ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය. සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වේ.
2019-05-13 13:05:26
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි ගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ මුස්ලිම් හමුදා නිලධාරීන් කණ්ඩායමක් වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳව මවුලවිවරුන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ මස්ජිඩ් පදනමේ සාමාජිකයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව...
2019-05-12 15:19:16
දිවයින පූරා යුද්ධ හමුදා සාමාජිකයින් පොලීසිය, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන්, ආරක්ෂක කමිටු සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග එක්ව බස්නාහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශයන්හි ආරක්ෂක වැඩපිළිවෙලක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව, පසුගිය දින කිහිපය තුලදී ආනන්ද විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය, අනුලා විද්‍යාලය...
2019-05-12 11:52:46
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදුසමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත. ඒ අනුව මේ වන විටත් තම රෙජිමේන්තූ වෙත භාරවීමට නොහැකිව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-05-11 14:35:53
කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආයතනවල නියෝජිතයින් සමඟ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය බ්‍රහස්පතින්දා (09) දින එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකාච්ඡාවක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය. එහිදි අන්තවාදී ක්‍රියාකාරකම්....
2019-05-11 10:35:53
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මූලිකත්වයෙන් ‘සියදිවි හානිකරගැනීමෙන් වැළකීම’ පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංක මූලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන සැසියක් පසුගිය මැයි මස 7 දින සිට 9 දින දක්වා පවත්වන ලදී.
2019-05-10 16:13:52
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි දිළිඳු පවුලක් වෙනුවෙන් නැවත වරක් නව නිවසක් ඉදිකර දෙන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීගේ සම්බන්ධිකරණය....
2019-05-09 14:46:38
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් විසින් පසුගිය අඟහරුවාදා (7) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මුණගැසුනු අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා එතුමන් සමග ගිවිසගනු ලැබිනි.
2019-05-09 14:44:59
බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය විසින් එම රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් හට ප්‍රමාණවත් ඉඩකඩක් සහිත වායු සමනය කරන ලද නව ආපනශාලා සංකීර්ණයක් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් ඉදිකරදෙනු ලැබිනි.