Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2019 14:44:59 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආබාධිත රණවිරුවන් හට නව ආපනශාලාවක්

බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය විසින් එම රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් හට ප්‍රමාණවත් ඉඩකඩක් සහිත වායු සමනය කරන ලද නව ආපනශාලා සංකීර්ණයක් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් ඉදිකරදෙනු ලැබිනි.

අඩි 70 ක දිගකින් යුක්ත වන නව ආපනශාලාව කායික ආබාධ සහිත රණවිරුවන් 100 කට එකවර නිවස්නයක් ලෙස භාවිතා කල හැකි වන අතර ඔවුන්ගේ ආබාධයන්ට මනාව ගැලපෙන නවීන ගෘහභාණ්ඩ සහ සුවපහසු උපකරණ වලින් සමන්විත වනු ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති විසින් ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියෙහි සංචාරයක නිරත වූ අතරතුර මෙම ආපනශාලාවේ අවශ්‍යතාවය නිරීක්‍ෂණය කරනු ලැබිනි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය විසින් ලබා ගත් අරමුදලින් මෙන්ම අනුග්‍රාහකයින් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව මෙම ආපනශාලාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලැබිනි.

පසුගිය බදාදා (8) දින බූස්සෙහි පැවති කෙටි උත්සවයකදී එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් නවතමයෙන් ඉදිකරනු ලැබූ ආපනශාලාව ශ්‍රී ලංකා පාබල හමුදා ආබාධිත රණවිරුවන් වෙත පවරනු ලැබිනි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී. ඒ. කේ. දිසානායක, ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්. එම්. එස්. රාජකරුණා, ව්‍යාපෘතියේ අනුග්‍රාහකයින්, ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් නව ආපනශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වනු ලැබිනි.jordan Sneakers | Nike