Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2019 10:35:53 Hours

‘සියදිවි හානිකරගැනීමෙන් වැළකීම’ පිළිබඳ කිලිනොච්චි භටපිරිස් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මූලිකත්වයෙන් ‘සියදිවි හානිකරගැනීමෙන් වැළකීම’ පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංක මූලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන සැසියක් පසුගිය මැයි මස 7 දින සිට 9 දින දක්වා පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දේශකයින් ඇතුළු අනෙකුත් දේශකයින් විසින් පවත්වනු ලැබු මෙම දේශන සැසිය සඳහා නිලධාරීන් 24 ක් සහ සෙසුනිලයින් 591 දෙනෙකු සහභාගි වූහ. Authentic Nike Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival