Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2019 14:46:38 Hours

යාපනය විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් යාපනයේ ආඥාපතිතුමන් සමඟ විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන් පිරිසක් විසින් පසුගිය අඟහරුවාදා (7) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මුණගැසුනු අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා එතුමන් සමග ගිවිසගනු ලැබිනි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදී විශ්වවිද්‍යාලයීය සේවක මණ්ඩලය වෙත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ හදිසි අවස්ථාවකදී එම ආරක්‍ෂක වැඩ පිළිවෙල යාවත්කාලීන කිරීම පිළිබඳව සාකච්ඡා කරනු ලැබිනි.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල නීතිය හා සාමය පවත්වාගෙන යෑම සඳහා හැකි සෑම අයුරින්ම සහය දක්වන බවට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ප්‍රකාශ කරනු ලැබූ අතර එම ආරක්‍ෂක වැඩපිළිවෙල සඳහා සෑම පුද්ගලයෙකුගේම සහයෝගය ද බලාපොරොත්තු වන බව දන්වනු ලැබීය. Buy Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf