12th May 2019 11:52:46 Hours
(මාධ්‍ය නිවේදනය)
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදුසමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත. ඒ අනුව මේ වන විටත් තම රෙජිමේන්තූ වෙත භාරවීමට නොහැකිව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට 2019 මැයි මස 17 වන දින 1800 පැය දක්වා කාල සීමාව තුළදී අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකර ගත හැක.
මීට පෙර ලබා දී තිබු පොදුසමා කාලය 2019 අප්‍රේල් මස 22 වන දින සිට 2019 මැයි මස 10 දින දක්වා වේ. (නිමාව)Buy Kicks | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger