Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2019 16:54:02 Hours

නව පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා පසුගියදා ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි වසර 30 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

සිය කාර්යාලයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගිවූ මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා භික්‍ෂුන් වහන්සේලා, කතෝලික පූජකවරුන් සහ ඉස්ලාම් මවුලවිවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.

නව ධූරයේ රාජකාරි භාරගැනිමට ප්‍රථම මීන්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස රාජකාරී කල ගැමුණු හේවා බලඇණියේ මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා මාණ්ඩලික තනතුරු ඇතුළු අණදීමේ තනතුරු රැසක් හොබවා ඇත.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ. latest jordans | Nike nike dunk high supreme polka dot background , Gov