2019-10-16 18:11:16
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ අලුතින් බඳවා ගත් කාන්තා සෙබළියන් 323 දෙනෙකු සඳහා ඉකුත් බදාදා (16) දින ඔවුන්ගේ පුහුණුවේ එක් අංගයක් ලෙස මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම’ පිළිබඳ දේශනයක් පවත්වනු ලැබීය.
2019-10-16 18:09:16
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජී.එච්.ඒ සෙනරත් බන්ඩාර එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පාන්ගොල්ල පිහිටි ‘අබිමන්සල - 3’ හී සංචාරයක නිරතවෙමින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝධාර අබාධිත රණවිරුවන් සමග සුහද පිළිසඳරක නිරතවී ඔවුන් දිරිමත් කළේය.
2019-10-16 18:07:16
ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වනරෝපා’ රුක් රෝපණ වැඩසටහනට සිය දක්වමින් පැළ බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමයේ සහ යාපනය දැව සංස්ථාවේ සහාය ඇතිව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.ටී.ඩී හර්ෂප්‍රිය ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.
2019-10-16 17:46:56
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘සිරස’ නාලිකාව සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන අතර කිලිනොච්චි සහ යාපනය අර්ධද්වීපයේ දැවැන්ත රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යුද්ධ හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරන...
2019-10-16 11:41:44
මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් පිළිබඳ මතකයන් ආවර්ජනය කිරීමේ ගෞරවනීය සැමරුම් උත්සවයක් සාලියපුර ගජබා රෙජිමේන්තු...
2019-10-15 14:30:00
ශ්ශ්රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 70 වන සංවත්සර උත්සවය දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සදුදා (14) දින...
2019-10-15 14:25:00
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ප්රජාසත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.
2019-10-15 14:20:00
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බදාදා (9) දින කිලිනොච්චි සහ මලයාලපුරම් ප්‍රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන්ට ආර්ථික වටිනාකමකින් යුත් පැළ 223 ක් බෙදාදුන්හ.
2019-10-15 14:15:00
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ අභිමානවත් උත්සවයක් ඉකුත් සඳුදා (14) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථානගත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-10-15 14:10:00
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය ඉකුත් සඳුදා (14) දින නන්දිකඩාල් ප්‍රදේශයේ නව බලඇණි පුහුණු පාසල විවෘත කරන ලදී.