Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2019 18:09:16 Hours

යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් ‘අබිමන්සල - 3’ හී සංචාරයක

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජී.එච්.ඒ සෙනරත් බන්ඩාර එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පාන්ගොල්ල පිහිටි ‘අබිමන්සල - 3’ හී සංචාරයක නිරතවෙමින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝධාර අබාධිත රණවිරුවන් සමග සුහද පිළිසඳරක නිරතවී ඔවුන් දිරිමත් කළේය.

පසුව, සංචාරයේ නිරත 11 වන සේනාංකයේ සේනාංකාධිපති එහි නේවාසිකව සිටින වීරෝධාර අබාධිත රණවිරුවන්ගේ දෛනික චර්යාවන් සහ ඔවුන් රැකබලා ගැනීම සඳහා ගනු ලබන වෙනත් ක්‍රියාමාර්ග පිළිබද කරුණු විමසීය.

අනතුරුව එතුමන් නිලධාරීන් පිරිසක් සමගින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් වෙත තෑගි පාර්සල් පිරිනැමීය. තවද පාන්ගොල්ල ‘අබිමන්සල - 3’ හි කාර්ය මණ්ඩලය සමඟ එහි පවතින විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කළ එතුමන් ඔවුන් සමඟ වටිනා අදහස් කිහිපයක් ද හුවමාරු කරගත්හ. Sports Shoes | Nike Running