Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2019 14:20:00 Hours

571 වන බලසේනාවේ මූලිකත්වයෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැළ තොගයක් බෙදාදෙයි

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්රිය ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බදාදා (9) දින කිලිනොච්චි සහ මලයාලපුරම් ප්රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන්ට ආර්ථික වටිනාකමකින් යුත් පැළ 223 ක් බෙදාදුන්හ.

සිවිල් වැසියන් 77 දෙනෙකු පොදු ස්ථානවලට රැස් කිරීමෙන් අනතුරුව අඹ, කොස්, පොල්, තල්, මී, කොහොඹ, කජු ආදී ආර්ථික වටිනාකමින් යුත් පැළ තොගයක් මෙලෙස බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.කේ.එස්.කේ. දොලගේ සමඟින් 7 වන ශ්රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහභාගි වූහ. Sportswear free shipping | Women's Nike Superrep