Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2019 18:11:16 Hours

පුහුණුව ලබන ආධුනික කාන්තා සෙබළියන් ‘ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම’ යන කරුණු පිළිබඳ දැනුවත් වේ

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ අලුතින් බඳවා ගත් කාන්තා සෙබළියන් 323 දෙනෙකු සඳහා ඉකුත් බදාදා (16) දින ඔවුන්ගේ පුහුණුවේ එක් අංගයක් ලෙස මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම’ පිළිබඳ දේශනයක් පවත්වනු ලැබීය.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් මෙම දේශනය මෙහෙයවනු ලැබීය.

දේශනය අතරතුර, ඔවුන්ගේ හමුදා ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දෙමින් සමබරව පවත්වා ගෙන යාම සහ ඔවුන්ගේ ස්වාමීපුරුෂයන්, පුතුන්, දියණියන් සහ වැඩිහිටියන් සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාවන් පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා බලඇණි පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පුහුණුව ලබන ආධුනික කාන්තා සෙබළියන් විශාල පිරිසක් සහභාගී වූහ. Buy Sneakers | Nike Off-White