Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2019 18:07:16 Hours

පූනරින් ස්ථාපිත 20 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් ‘වනරෝපා’ රුක් රෝපණ වැඩසටහනට දායක වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වනරෝපා’ රුක් රෝපණ වැඩසටහනට සිය දක්වමින් පැළ බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමයේ සහ යාපනය දැව සංස්ථාවේ සහාය ඇතිව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.ටී.ඩී හර්ෂප්‍රිය ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.

පැළ බෙදාදීමේ උත්සවය ඒකකයේ සියලුම නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක මූලස්ථානයේදී පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා 662 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.ආර්. පතිරවිතාන, 66 වන සේනාංකයේ ප්‍රධන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත) ලුතිනන් කර්නල් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න, 66 වන සේනාංකය යටතේ ඇති සියළුම ඒකකයන්හී අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්, මේජර් (විශ්‍රාමික) පී.ආර්. එදිරිසිංහ යාපනය දැව සංස්ථාවේ කලාපීය කළමනාකරු, සුබ්‍රමනියම් ශ්‍රී සිකන්දරාජා මහතා සහ සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

දවසේ වැඩසටහන නිමාවීමට මත්තෙන් ඇඹිලිපිටියේ සුබෝදිධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කාව්‍ය විශාරද මාදුළුවාවේ සුදර්මාරාම හිමියන් විසින් කාව්‍යමය ධර්ම දේශනයක් පැවැත්වූහ. එම අවස්ථාව සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. spy offers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C