2025-03-15 13:50:46
ධූරයෙන් නික්ම යන 1 බලකායේ 6 වන බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc වෙත එම බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථාන පරිශ්‍රයේදී 2025 මාර්තු මස 10 දින පවත්වන ලදී.
2025-03-15 13:46:54
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 51 පාබල සේනාංකය වෙතින් 2025 මාර්තු මස 10 දින එම සේනාංක CIMIC උද්‍යාන ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී.
2025-03-13 10:35:25
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස 542 පාබල බලසේනාව
2025-03-13 10:34:11
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc ගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 11 දින විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේදී සහ ජාතික ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලිය 3 කාණ්ඩය - 2025 තරඟාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ විශේෂ බලකා සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.
2025-03-13 10:33:59
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2025 අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 මාර්තු මස 07 දින පනාගොඩ, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.
2025-03-06 06:10:55
මහනුවර බඩි උද්දින් මහමුද් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය. එම විද්‍යාලීය විදුහල්පතිතුමන්ගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
2025-03-06 06:08:06
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් සතු ප්‍රථි ත්‍රස්ත්‍ර ක්‍රියාන්විත සිදුකිරීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 පෙබරවාරි මස 17 දින සිට මාර්තු මස 6 දින දක්වා එම මූලස්ථාන ක්‍රීඩා පිටියේදි ක්ෂණික විහිදුම් ධාවන පැදි ඛණ්ඩ සංස්කරණ පාඨමාලාව පැවැත්විණි.
2025-03-06 06:08:05
ශ්‍රී කවීශ්වර වේළුවනාරාම ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන
2025-03-06 06:07:27
ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක - 29 සාර්ථකව හැදෑරූ භටපිරිස්හි විසිරයාමේ පෙළපාලිය 2025 මාර්තු මස 5 දින නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී නිලධාරින් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 111 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP සහභාගි විය.
2025-03-06 06:05:03
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන සිනමා ශාලාවේදී 2025 මාර්තු මස 5 දින ‘බෝ නොවන රෝග හඳුනාගැනීම සහ ඉන් වැළකීම’ පිළිබඳ වැඩමුළුවක් පවත්වනු ලැබීය.