06th March 2025 06:10:55 Hours
මහනුවර බඩි උද්දින් මහමුද් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය. එම විද්‍යාලීය විදුහල්පතිතුමන්ගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එතුමන්ගේ සහභාගිත්වය තුළින් ශිෂ්‍ය නායකයන් වෙත නායකත්වය සහ වගවීමේ වැදගත්කම පිළිබඳ පූර්වාදර්ශයක් ලබාදෙයි.
අධ්‍යයන හා වෘත්තීමය ජීවිතයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන විනය, කණ්ඩායම් හැඟීම සහ කැපවීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ එතුමන් සිසුන් වෙනුවෙන් අභිප්‍රේරණ දේශනයක් සිදුකළේය. අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වීමට සහ ශක්තිමත් ප්‍රජා සබඳතා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැපවීම පිළිබඳ එතුමන් මෙම අවස්ථාවට සහභාගී වීම තුළින් පෙන්වාදෙයි.
මෙම අවස්ථාවට පාසල් කාර්ය මණ්ඩලය, ගුරු භවතුන් සහ සිසුන් පිරිසක් සහභාගි වූහ.