15th March 2025 13:50:46 Hours
ධූරයෙන් නික්ම යන 1 බලකායේ 6 වන බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc වෙත එම බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථාන පරිශ්‍රයේදී 2025 මාර්තු මස 10 දින පවත්වන ලදී.
එම මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ධූරයෙන් නික්ම යන බලකාධිපති වෙත 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමූහ. පසුව, එම මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී භටපිරිස් ආමන්ත්‍රණය කළ බලකාධිපති සිය ධූර කාලය තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකළ අතර යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් සේවය කරන ලෙස ද භටපිරිස් දැනුවත් කරන ලදී.