13th March 2025 10:34:11 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc ගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 11 දින විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේදී සහ ජාතික ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලිය 3 කාණ්ඩය - 2025 තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ විශේෂ බලකා සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.
2025 අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලියේදී විවෘත සහ ආධුනික ඛාණ්ඩයන් දෙකෙහිම ජයග්‍රහණය හිමිකරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකරගන්නා ලදී. එසේම, පූනෑව නාවික හමුදා කඳවුරේදී පැවති ජාතික ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලිය 3 කාණ්ඩය - 2025 තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ එම රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 5 දෙනෙකු එහිදී පදක්කම් දිනාගැනීමට සමත්වූහ. එම තරඟාවලියේ, Manual Bolt Action ඛාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවා ලෙස කෝප්‍රල් ආර්.පී.සී ගයාන් සම්මාන දිනාගත්තේය.
මෙම උත්සවය අතරතුරදී, එම වෙඩික්කරුවන්ගේ විශිෂ්ඨ ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් බලකාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විනෝදාත්මක වැඩසටහනක් සහ සම්මාන ප්‍රදානයක් ද සිදුකෙරිණි.