Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2025 06:08:06 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් පැවැත්වූ ක්‍ෂණික විහිදුම් ධාවන පැදි ඛණ්ඩ සංස්කරණ පාඨමාලාව සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් සතු ප්‍රථි ත්‍රස්ත්‍ර ක්‍රියාන්විත සිදුකිරීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 පෙබරවාරි මස 17 දින සිට මාර්තු මස 6 දින දක්වා එම මූලස්ථාන ක්‍රීඩා පිටියේදි ක්‍ෂණික විහිදුම් ධාවන පැදි ඛණ්ඩ සංස්කරණ පාඨමාලාව පැවැත්විණි.

පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් පාඨමාලාව සඳහා සහභාගි වූ යුද්ධ හමුදා සාමාජිකයන් 36 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.