Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2025 13:46:54 Hours

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 51 පාබල සේනාංකය වෙතින් පාපන්දු තරඟාවලියක් පවත්වයි

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 51 පාබල සේනාංකය වෙතින් 2025 මාර්තු මස 10 දින එම සේනාංක CIMIC උද්‍යාන ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී.

එම සේනාංක බලප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් දොළහක සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්විණි. තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ක්වීන් බ්‍රදර්ස් පාපන්දු සමාජයට එරෙහිව ගෝල 1-0 ක් ලෙස ශූරතාවය දිනාගැනීමට දමිළ පාපන්දු සමාජය සමත්විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc සහභාගි විය.