2024-10-03 15:42:18
2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංකයේ සංවිධානයෙන් මේජර් අමිත් පුෂ්පකුමාර ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් සහ කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ (ඕස්ට්‍රේලියානු ශාඛාවේ) අනුග්‍රාහකත්වය ඇතිව හෙලගම ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-10-03 15:38:22
ලෝක ළමා දිනයට සමගාමීව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි ගේ උපදෙස් මත පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම පාබල සේනාංක මුලස්ථානයේදි 2024 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලදී.
2024-10-02 13:56:36
නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 27 දින 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-10-02 13:53:24
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 33 වන සංවත්සරය 2024 සැප්තැම්බර් මස 24 දින උත්සව මාලාවකින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-10-02 13:30:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වත්තල ප්‍රීතිපුර ළමා නිවහනේදී 2024 සැප්තැම්බර් මස 26 දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. එහිදී තේ පැන් සංග්‍රහයක් හා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
2024-10-02 06:55:06
‘13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
2024-10-02 06:50:00
‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 55’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 28 දින මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
2024-10-01 11:05:00
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී , 2024 සැප්තැම්බර් මස 25 දින 591 පාබල බලසේනාවේ සහ 12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-10-01 11:00:00
16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි. නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු ප්රදානය කරනු ලැබීය.
2024-09-30 17:45:50
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත අම්පාර කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 78 දෙනෙකු වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 26 දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි. වත්මන් ලෝකය තුළ ඵලදායි නායකත්වයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කුසලතා, සාරධර්ම සහ ඉදිරි දර්ශනවලින් තරුණ මනස සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.